හෝමාගම, ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවති සාදයක් අතරතුර පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුවෙකු මියයාමේ සිද්ධියට සැකපිට පස් දෙනෙකු හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ සරසවි ශිෂ්‍යාවන් දෙදෙනෙකු සහ ශිෂ්‍යයින් තුන් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඊයේ රාත්‍රීයේ පැවති එම සාදය අතරතුර හටගත් ගැටුමකින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වූ වැල්ලව ප්‍රදේශයේ පදිංචි විශ්වවිද්‍යාල සිසුවෙක්.
එහිදී සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී අදාළ සිසුවා මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
කිසියම් පිරිසක් විසින් පහරදීමකින් එම සිසුවා මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




