දරුවන්ගේ ආරක්ෂාව සඳහා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය කියා සිටියේ ළමුන් වීදිවල සිගමනේ යෙදීම, අනාරක්ෂිත සේවාවල යෙදවීම, අනාරක්ෂිත රැකියාවල යෙදීම, වෙළඳාමේ යෙදවීම, ළමා මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බවයි.

ළමා ශ්‍රම විරෝධී දිනය වෙනුවෙන් පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.