අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කර 06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනමින් මෙම වසරේදීම ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දරුවන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා සහය දැක්විමට සූදානම් බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.