නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ සඳහන් නුසුදුසු යෙදුමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ, මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රිසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් ඇති බවටයි.

ඒ පිළිබඳ ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් සොයා බැලූ බවත් එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එබැවින් වහාම එම මොඩියුලය බෙදාහැරීම අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති අතර අද දිනයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලි කිරීමට අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.