2026 වසරේ පළමු අධ්‍යාපන වාරය තුළ පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 29 වනදාත්, හය වන ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 21 වනදාත් නව විෂය මාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

පැවති පාසල් විෂය මාලාවට එහා යමින් නව විෂය මාලාව ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි හඳුන්වාදීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ.

දෙමාපියන් සඳහා ද නව විෂය මාලාව හඳුන්වාදීම සිදු කිරීමට වැඩසටහන් සංවිධානය කර ඇති බවද අගමැතිනිය පැවසුවා.

පාසල් ළමුන් විෂයන් තේරීමට හුරු කිරීම ආදී වූ සියල්ල පිළිබඳව අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වැඩිදුරටත් සඳහන් කළා.