2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් ලබන 12 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මධ්‍යස්ථාන 2,362කදී එම විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට එම විභාගයන්ට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

කිසියම් විභාග අපේක්‍ෂකයෙකුගේ විභාග ප්‍රවේශපත්‍රය පැවති ආපදා තත්ත්වය වැනි කරුණු හේතුවෙන් අස්ථානගත වී ඇත්නම් එවැනි අපේක්‍ෂකයින් ක්‍රියාකල යුත්තේ කෙසේද? ඒ සම්බන්ධයෙන්ද විභාග කොමසාරිස් ජනරාල්වරිය කරුණු දැක්වුවා.