2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වෙන ආකාරය ඇතුළත් කාලසටහන විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉංජිනේරු තාක්‍ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරික්‍ෂණ මාර්තු  6 වනදා සිට මාර්තු 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

නර්තනය, සංගීතය සහ නාට්‍ය හා රංග කලාව යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරික්‍ෂණ මාර්තු 9 වනදා සිට මාර්තු 16 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.