2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මේ වන විටත් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කරන පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.

ඒ අනුව අද රාත්‍රී 09දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. එ ්පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කුටියේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත ජයන්ත ප්‍රේමලාල් සමග.

මේ අතර, අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ශක්තියක් වීම සඳහා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කුටියේ පොත් කැටයට අද පෙරවරුවේ බොහෝ පිරිසක් පොත් පරිත්‍යාග කළා. ඒ, අතරින් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ අතර “සතුට” කෘතිය රචනා කළ ප්‍රියනාත් ජයසූරිය මහතාගේ නවතම කෘතිය විශේෂ වට්ටමක් සහිතව අද දිනයේද මිලදී ගැනීමට, ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටිය වෙත පැමිණෙන ඔබට හැකියාව පවතිනවා.