Published
“2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තෙවන දිනය අදයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන එම පොත් ප්‍රදර්ශනය පසුගිය 27 වනදා ආරම්භ වුණා. ඒ අනුව පසුගිය සති අන්ත දින දෙකේ පමණක් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පැමිණි බවයි කොළඹ ජාත්‍යන්තතර පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.
දුෂ්කර ප්‍රදේශවල ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් නොමිලේ පොත් ප්රදානය කිරීම සඳහා නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ සමාජ සත්කාරක වැඩසටහන මෙවර ද ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටියේ පොත් කැටය මෙවර ද ස්ථාපිතයි. එම පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පාඨක ජනතාවගේ ද ඇත්තේ මහත් උනන්දුවක්. එලෙස පරිත්‍යාග සිදුකළ පිරිස අතරින් කිහිප දෙනෙකු නෙත් එෆ් එම් රේඩියෝව සිදු කරන එම සමාජ සත්කාරය සහ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 තෙක් ක්‍රියාත්මකයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.