Published
මෙම 2026 වසර ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදිකෙරෙන වසර බවට පත්වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
නිවාස සංවර්ධන අධිකාරිය යටතේ මීට පෙර සැලසුම් කර තිබු නිවාස 31,000 සමඟ නව නිවාස 50,000ත් 55,000ත් අතර ප්‍රමාණයක් මේ වසරේදී ඉදිවනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ඒ, ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්රදානය සහ නව නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද එක්වෙමින්.
මෙම 2026 වසරේදී පමණක් ‘දිට්වා’ ව්‍යවසනයෙන් නැගී සිටීමට රුපියල් කෝටි 50,000ක් වෙන් කර ඇති බවත් 2025 දෙසැම්බර් මාසය සඳහා පමණක් රුපියල් කෝටි 7,200ක් වෙන් කළ බවත් ජනාධිපතිවරයා පැවසුවා.





