මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 1.3කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, මෙම වසරේ ජනවාරි 1 වනදා සහ ජූලි 26 වනදා අතර කාලය තුළ සංචාරක පැමිණීම් දහතුන් ලක්ෂ දහතුන්දහස් නවසිය හැත්තෑ හතරක් ලෙස වාර්තා වී තිබෙනවා.

ජූලි මස පළමු දින 26 තුළ සංචාරකයින් එක් ලක්‍ෂ 67,401 ක් මෙරටට පැමිණ තිබීම විශේෂත්වයක්.

ජූලි මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

එම සංචාරකයින් සංඛ්‍යාව 38,785ක්. එක්සත් රාජධානියෙන් සංචාරකයින් 18,419ක් පැමිණ තිබෙනවා.

ජූලි මාසය තුළ නෙදර්ලන්තයෙන් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 10,540ක්.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 332,468 ක්.