22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද සහ හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
මේ අතර එම පනත් කෙටුම්පත් දෙකට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද උදෑසනය පාර්ලිමේන්තුව අසලදී විරෝධතාවයක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අදහස් පල කළා.
මේ උත්සාහ කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය නැති කරන්නද කියලා මේ රජය. ඒ නිසා තමයි අපි සියලු දෙනාම අද දවසේදී මේ විරෝධතාවය පළ කරන්නේ. අපි සමස්ත රටේම ජනතාවට ආරාධනා කරනවා..."
විපක්ෂය නියෝජනය කරන වෙනත් පක්ෂවලට ආරාධනා කිරීමක් වෙලා තියෙනවද?
"අපි පොදුවේ ආරාධනාවක් කරලා තියෙනවා දේශපාලන පක්ෂයක් විදිහට අපේ පක්ෂයත්, අනෙක් පක්ෂවල නියෝජනය කරන ජනතාවටත් මේකට සභාගි වෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන කොට අපි මේ රටේ ප්‍රධාන විපක්ෂය හැටියට අපි තමයි මේක ක්‍රියාත්මක කරන්නේ..."




