Published
අදට යෙදී ඇති 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සෙසු නිලයන් 9,158 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් දක්වා උසස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සේවයේ නියුතු 206 දෙනෙකු බළලත් නිලධාරී II නිලයේ සිට බළලත් නිලධාරී I නිලය දක්වා උසස් කර ඇති බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනය කලේ.
මාණ්ඩලික සැරයන් නිළයේ සිට බළලත් නිලධාරී - II දක්වා 1,211 දෙනෙකු ද, සැරයන් නිලයේ සිට මාණ්ඩලික සැරයන් දක්වා 1,704 දෙනෙකු ද, කෝප්රල් නිලයේ සිට සැරයන් දක්වා 2,339 දෙනෙකු ද උසස් කර තිබෙනවා.
ලාන්ස් කෝප්රල් නිලයේ සිට කෝප්රල් දක්වා 2,204 දෙනෙකුට ද සහ සාමාන්‍ය සෙබළ නිලයේ සිට ලාන්ස් කෝප්රල් දක්වා 1,440 දෙනෙකුටද උසස්වීම් හිමිවන බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වැඩිදුරටත් සඳහන් කලේ.




