Published
අද දිනට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට විශේෂ ජනාධිපති සමාවක් ප්රදානය කර තිබෙනවා.
බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති එකක සමාවක් මේ යටතේ ප්‍රධානය කරනු ඇති.
රුපියල් 75,000 ට අඩු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම ද මේ යටතේ සිදුවනවා.
මෙම විශේෂ ජනාධිපති සමාව සඳහා රැදවියන් 49 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක මහතා පවසනවා.




