විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදට යෙදී ඇති 78 වැනි නිදහස් දිනය නිමිති කර ගෙන කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමයේ දී පැවැති නිදහස් දින වැඩසටහනක් හා එක්වෙමින් කල අදහස් දැක්වීම.

78 වැනි නිදහස සමරණ මේ මොහොතේ අප රට ශක්තිමත් කර භෞමික අඛණ්ඩතාව සෛරීත්වය හා දේශපාලන නිදහස සුරක්ෂා කිරීමට සියලු දෙනාම අද දින එකට එකතු වන බවත් නිදහසින් පසුව රටක් ලෙස අධිරාජ්‍යවාදීන්ගේ මහා බලපරාක්‍රමයක් පරාජය කොට එක්සේසත් වූ රටක් ලෙස නිර්මාණය වි ඇති බවත් එදා ක්‍රියාත්මක වූ අධිරාජ්‍යවාදය අද වෙනත් දෘෂ්ටිකෝණවලින් ක්‍රියාත්මක බවත් ආර්ථික, සමාජීය හා තවත් ක්ෂේත්‍ර ගණනාවක් තුළ සෘජු අධිරාජ්‍යවාදය වෙනුවට වක්‍රාකාරයෙන් අප රට පමණක් නොව ගෝලීය දකුණේ රටවල්වලද මේ වක්‍ර අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රට අංගසම්පූර්ණ නිදහස් රටක් බවට පත්විමට නම් මේ සියලු අධිරාජ්‍යවාදී බලවේග පරජය කොට දේශපාලන, සිවිල් සමාජයේ, පුරවැසිය නිදහස මෙන්ම ආර්ථික සමාජීය සංස්කෘතික ඇතුළු අනෙකුත් නිදහස් තත්ත්වයන් ජයග්‍රහණය කළ යුතු බවත් සැමට ප්‍රතිලාභ ලබන‌ සෞභාග්‍ය සැමට උදා වන නිදහස් ඇති කර ගත යුතු බවත් ලෝකයේ ඇති රටවල් අතුරින් ශීඝ්‍ර දියුණුවක් අත් කර ගන්නා විට මේ නිදහස් තවදුරටත් තහවුරු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දීම උත්තරීතර නීතිය වන බවත් මෙහි දි සෙසු ආගම් සංස්කෘතීන් ආරක්ෂා කර එකමුතුභාවයෙන් යුතුව ඉදිරියට යා යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ විවිධ මත කේන්ද්‍ර කර ගෙන විවිධ මත දරන දේශපාලන ප්‍රවාහයන් පැවතියත් කුමන මතයක් කුමන න්‍යායක් අනුගමනය කළත් භේදයකින් තොරව එකතු වී රටේ සුරක්ෂිතභාවය ආරක්ෂාව සෛරිත්වය ආරක්ෂා කර ගත යුතු බවත් 78 වැනි නිදහස සමරණ මේ මොහොතේ සමස්ත නිදහස තවදුරටත් දිනා ගනිමින් මේ ප්‍රගතිශීලී ඉදිරි ගමන වෙනුවෙන් සැවොම එකට එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.