Published
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමුණු 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ හෙවත් GIT විභාගය අද පැවැත්වෙනවා.
දිවයින පුරා මධ්‍යස්ථාන 1,665කදී එම විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නෙත් නිවුස් වෙත පැවසුවේ.
මේ අතර හෙට සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කල් දැමූ ඉතිරි විෂයන් සඳහා විභාගය පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවා.




