කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද Back to School සහ Back to Sportmeet වැඩසටහන පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්වුණා.

Back to Sportmeet වැඩසටහන පාසල් ඉතිහාසයේ පළමු වරට පැවති බවයි ආදී ශිෂ්‍ය සංගමය පැවසු වේ.

ආදි සේනානායකයන් වන සුමිත්‍රා ගාර්මන්ට් අධිපති ජාෆර් සතාර්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා, ඩේවිඩ් වික්‍රමරත්න සමූහයේ අධිපති මධුර වික්‍රමරත්න. හමීඩියාස් අධිපති හුසේන් සාදික්, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

මෙහිදී 2008 වසරේ රුදුරු කොටි ත්‍රස්තවාදයෙන් ජිවිතක්‍ෂයට පත් වූ පැසි පන්දු ක්‍රීඩකයින් සැමරීම ද එහි දී සිදු වූ අතර පාසලේ අධ්‍යාපනය ලැබූ මියගිය රණවිරුවන් සැමරීමද මෙහිදී සිදු වූ තවත් අංගයක්.

පාසල් ඉතිහාසයේ ප්‍රථම Back to Sportmeet වැඩසටහනද විද්‍යාලීය නව ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර ආදී ගුරු භවතුන් සහ ආදි සිසුන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා.