සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට අදාළ කටයුතු ද ඉදිරියේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

එමෙන්ම වසර 10කට වරක් ප්‍රතිලාභීන්ට ලබාදෙන සියයට 30ක මුදලද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

සේවක අර්ථසාධක අරමුදල සඳහා ලියාපදිංචි වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් සිදුකළ හැකි බවද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවා.