ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති නිර්ණායකයන් ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රමානුකූලව සම්පූර්ණ කර ගනිමින් ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවන වාරික ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවන වාරිකය ලැබුන ද වඩා වැදගත් වන්නේ ඉන්පසුව ඇතිවන තත්ත්වයට රටක් ලෙස මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කිරීම බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ හමු වුණා.

ඒ, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි වාරිකය ලබා දීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර පිළිබඳ සාකච්ඡා කිරීමටයි.