ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ නියෝජිතයින් පිරිස මෙරටට පැමිණෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර නිවේදනය කළේ.
ඒ අනුව දිවයිනට පැමිණි එම නියෝජිතයින් පිරිස සමග පෙරවරු 9.30 ට සාකච්ඡාවක් ආරම්භ කළ ශ්‍රී ලංකා මහබැංකුව පැවසුවා.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික හා මානුෂික අභියෝග පිළිබඳ ශ්‍රී ලංකාව කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සොයාබැලීම සහ එමඟින් යටිතල පහසුකම්, ජීවනෝපායන් සහ ආර්ථික ස්ථාවරත්වයන් කෙරෙහි සිදුව ඇති බලපෑම් අවබෝධ කරගැනීම මෙම නියෝජිත කණ්ඩායමේ අරමුණ වී තිබෙනවා.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ වනවිට අවසන් කර ඇති ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනයට අනුමැතිය ලබාදීම පිළිබඳව ද මෙම සංචාරයේ දී එම නියෝජිතයන්ගේ අවධානය යොමුවනු ඇතැයි වාර්තා වනවා.
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා.



