ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අද මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

තෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ඇය එළැඹෙන බදාදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇයගේ මෙම සංචාරය අතරතුර රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට නියමිත අතර, ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය විය හැකි ක්‍රම සහ සියලු‍ම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දායක විය හැකි ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතයි.