Published
ඉන්දියානු යුද නෞකාවක් වන සුනයිනා නොහොත් IOS SAGAR නෞකාව අද දිවයිනට සේන්දු වුණා.
ඒ, රටවල් 16ක නාවිකයන් සහ කාර්ය මණ්ඩලය සමගයි.
සිය පුහුණුවෙන් අනතුරුව මෙම නෞකාව සිදු කරන හත් වන සංචාරය වන බවයි වාර්තා වුණේ.
මෙම සංචාරයට බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, ටිමෝර් ලෙස්ටේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නිලධාරීන් සහ නාවිකයින් එක්ව තිබෙනවා.
මෙම නිලධාරින් ඉන්දියානු නාවික පුහුණු ආයතනවල ඒකාබද්ධ වරාය පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 02 වන දින මුම්බායි සිට සංචාරය සඳහා සුනයිනා නොහොත් IOS SAGAR නෞකාව දියත් කර ඇති බවයි වාර්තා වුණේ.




