2026 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමට විරෝධතා නොමැති සහතිකය නිකුත් නොකිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කරගැනීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු අදාළ ලිපියෙහි දක්වා ඇතැයි වාර්තා වනවා.