LOLC Holdings PLC හි, දිවි සවිය “ ඔබයි මමයි අපේ රටයි ” ව්‍යාපෘතිය යටතේ සිදුකළ විශිෂ්ඨ ප්‍රජා සත්කාර මෙහෙවර ඇගයීමට ලක් කර තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින්.

අදාළ ව්‍යාපෘතිය යටතේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාසල් 200ක් දින 45ක් තුළ සාර්ථකව ප්‍රතිසංස්කරණය කළ බවයි LOLC Holdings PLC පැවසුවේ.

ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ඇගයීම් උත්සවයේදී LOLC සමූහ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවේ එම ව්‍යාපෘතිය යටතේ සිදුකළ මෙහෙවර සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාව සහ පාසල් වෙනුවෙන් රුපියල් මිලියන 500 ඉක්මවන පිරිවැයක් යටතේ පළමු අදියර ලෙස දිස්ත්‍රික්ක හයක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 69 ක් පුරා LOLC දිවි සවිය “ ඔබයි මමයි අපේ රටයි ” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. ඒ යටතේ අත්‍යවශ්‍ය සහන පැකේජ බෙදා දුන් බවයි එම සමාගම පැවසුවේ.

දෙවනි අදියර යටතේයි මෙලෙස දින 45ක් තුළ පාසල් 200 ක් ප්‍රතිසංස්කරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික නායකත්වයෙන් යුත් මානුෂීය මුලපිරීම්වලින් එකක් බවට පත්ව ඇති ඛධඛක්‍ දිවි සවිය යටතේ ඉදිරියේදීත් තවත් ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි LOLC Holdings PLCපැවසුවේ.