මෙවර LPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වය දෙන ගෝල් ගැලන්ටල්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ, ඊයේ රාත්‍රී පැවති අවසන් මහා තරඟයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්.
තරඟය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 123ට සියලු දෙනා දැවී ගියා.
වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ කමිල් මිශාරයි.
ඔහු පන්දු 32දී ලකුණු 41ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ගෝල් ගැලන්ටර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම දක්ෂතාව දැක්වූයේ චරිත් අසලංක සහ එෂාන් මාලිංගයි.
චරිත් අසලංක ලකුණු 20ට කඩුළු 3ක් දවා ගත් අතර එෂාන් මාලිංග ලකුණු 25ට කදුළු 3ක් දවා ගත්තා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා ගෝල්ඩ් ගැලන්ටස් ක්‍රීඩකයන් පිටියට පිවිසියේ ලකුණු 124ක ඉලක්කයක් හඹා යාමටයි.
පන්දු වාර 15යි පන්දු 5දී කඩුලු 5ක් පමණක් දැවී ඔවුන් තරඟය ජය ගත්තා.
තෝමස් රොජර්ස් පන්දු 24දී ලකුණු 37 යි.
නායක දසුන් ශානක පන්දු නවයකදී ලකුණු 20ක් ලබා ගත්තා.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ චරිත් අසලංකයි.
කමිල් මිශාර තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.



