People's Excellency Awards 2025 සම්මාන උළලේ විශිෂ්ඨතම මහජන සන්නිවේදනය සඳහා වූ සම්මානය පොලිස් මාධ්‍ය කොට්ඨාසයට හිමිව තිබෙනවා.

මෙරට ප්‍රමිතිගත ඇගයුම් සන්නාමයක් වන Iconic award පුද්ගලික ආයතනය විසින් මෙම වර්ෂයේදී සුවිශේෂී ලෙස ජනාදරයට පත් වූ රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ ආයතන ඇගයීම සඳහා පවත්වනු ලැබූ People's Excellency Awards 2025 නීතිගත සම්මාන උළලේ මහජන සන්නිවේදනය අතිවිශිෂ්ඨ ලෙස පවත්වා ගැනීම වෙනුවෙන් ලබා දෙන Public Communication Award සම්මානය පොලිස් මාධ්‍ය කොට්ඨාසයට හිමිව තිබෙනවා.

මෙම සම්මාන උළෙල 2025.12.29 වන දින සවස බත්තරමුල්ල Waters edge හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත් වූ අතර එයට හිමි සම්මානය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා විසින් ලබා ගන්නා ලැබුවා.