සකල කලාවන් නියෝජනයෙහිලා කෙරෙන සම්මාන උළෙලක සම්ප්‍රාප්තිය PINNA LEGACY AWARDS 2026 මෙවරද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ජනවාරි මස 31 වන සෙනසුරාදා BMICH පරිශ්‍රයේදියි.

එම සම්මාන උළෙලේදී ජනප්‍රියතම සම්මාන අංශය යටතේ සිනමාව, පුංචි තිරය, රූපවාහිනී, ගුවන් විදුලි ඇතුළුව කලා ක්ෂේත්‍රය සදහා සම්මාන පිරිනැමීමට නියමිතව තිබෙනවා.

මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිර්මාණ එකම වේදිකාවක ගෞරවයට පාත්‍ර කරන ශ්‍රි ලංකාවේ දැවැන්තම සම්මාන උළෙලක් ලෙස මෙම සම්මාන උළෙල හැදින්විය හැකියි.