Published
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අප්‍රේල් මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔහු අද කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය සිකුරාදායි.
මේ අතර මෙම සැකකරු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



