Published
මුදල් අමාත්‍යාංශයේ වෙළද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට සේවය කරන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර් පැවරුම් අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, 2017 වසරේ පෙබරවාරි මස 17 වන දින GZ 6889 දරණ මෝටර් රථය නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදු කිරීම සදහා අනුමැතිය ලබාදීමේ චෝදනාව මතයි.
ලද තොරතුරක මත සිදු කෙරන විමර්ශනයක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.
සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.




