රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ලබන අප්‍රේල් 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි ඒ මහතාව කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දුන්නේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාව මීට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

වාහන ලියාපදිංචියේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව චෝදනා නගා තිබෙන්නේ.