ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඉතාලියේ මිලානෝ හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලය මගින් තුන්වෙනි වරට සංවිධානය කරනු ලැබූ "Srilanka festival 2025" ප්‍රදර්ශනය අති උත්කර්ෂවත් ලෙස දින දෙකක් පුරා පසුගියදා පැවැත්වුනා. ඒ යුරෝපයේ සංචාරකයින් බහුලව ගැවසෙන මිලානෝ හි පිහිටි මෙර්ලාතා බ්ලූම් (Merlata bloom ) පරිශ්‍රයේදීයි. මේ සඳහා අප රටට ආවේනික කෑම බීම, ඇදුම්පැලදුම් සහ සංචාරකයන්ගෙ සිත් ඇදගන්නා විවිධ අංගවලින් පිරී තිබුනා. ශ්‍රී ලංකාවේ විවිධ නර්ථනයන්ගෙන් මෙම උත්සවය අලංකාරවත් වී තිබුනා. විදේශිකයින් විශාල සංඛ්‍යාවක් මෙය දැක බලා ගැනීමට පැමින සිටියා.