අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු ඊයේ රාත්‍රියේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශය වෙත බාර දි තිබෙනවා.

මෙම වෙඩික්කරු ඊයේ පස්වරුව් ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගත් අතර මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් ප්‍රවාහන කරන ලද බවට සැකකෙරෙන ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්, ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේ නිවසක තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව, බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෝටර් රථය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීම පසුගිය 13 වැනිදා අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කර ගනිමින් සිදු වුණා.