Published
කැරිබියානු දූපත් වන ඇන්ටිගුවා සහ බාබියුඩාහි පැවැත්වෙන 28 වන පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුවට සහභාගී වීම සදහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද දහවල් දිවයිනෙන් පිටත්ව ගියා.
අග්රාමාත්යවරිය සමග තවත් තිදෙනෙකු එම සංචාරයට එක්ව සිටි බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිල පැවසුවේ.
දිවයිනෙන් පිටවත්ව ගිය ඔවුන් පළමුව ලන්ඩන් නුවරට ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් කැරිබියන් දූපත් බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.




