ශ්රී ලංකාවට බලපා ඇති අඩු පීඩන කලාපය හෙට උදෑසන දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.
"ශ්රී ලංකාව ආසන්නයේ පැවැති අඩු පීඩන කලාපය මේ වන විට දිවයිනට වයඹ දෙසට වන්නට තමයි ස්ථානගතව පවතින්නේ. එතකොට මෙහි බලපෑම හේතුවෙන් අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්රදේශවලට අහස වලාකුළින් බරව පවතිනවා. ඒ වගේම විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, දකුණු පළාත සහ උතුරු පළාතෙත් විටින් විට වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. දිවයිනේ සෙසු ප්රදේශවල විශේෂයෙන් සවස් කාලයේගෙ සවස 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අද දිනයේදී පවතිනවා. විශේෂයෙන් මතක් කරන්න පසුවූ පැය 24 ගත්තොත් විශේෂයෙන් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි විශේෂයෙන් මධ්යම කඳුකර ප්රදේශ ආශ්රිතව, වයඹ ප්රදේශය සහ උතුරු පළාතේ වාර්තා වෙනවා. තව අද දිනයේවලදීත් තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ පළාත්වල පවතිනවා. මේ නිසා ජනතාව ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මේ අඩු පීඩන කලාපය ක්රමයෙන් දිවයිනෙන් බටහිර දෙසට ගමන් කිරීමක් තමයි අපේක්ෂා කරන්නේ ඉතා සෙමින්. මෙන්න නිසා මේ පද්ධතියේ බලපෑම අද දිනය පුරාවට ඒ වගේම හෙට උදෑසන කාලයේත් පවතිනවා.''
දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ඔහු කරුණු දැක්වූවා.
''විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු තීරයේ මෙන්ම උතුරු මුහුදු තීරයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන නිසා, ධීවර සහ නාවික ප්රජාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස මතක් කර සිටිනවා. එසේම, මේ දිනවල දිවයින ආශ්රිතව අන්තර්නිවර්තන අභිසාරී කලාපය සක්රීයව පවතින බැවින්, දිවයින ආශ්රිතව විටින් විට මෙවැනි කැළඹිලි ස්වභාවයන් වර්ධනය වීමේ හැකියාව පවතිනවා. එම නිසා, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව ජනතාව විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.''




