රාජකාරියේ නිරතව සිටි අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරියෙකු රිය අනතුරකට ලක්ව මියගොස් තිබෙනවා.
රාත්‍රී මුර සංචාර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කිරීමේදී එම මෝටර් රථයේ සිටි රියදුරා පොලිස් නිලධාරීන් හප්පා පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
එම අනතුරෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු හා සිවිල් ආරක්‍ෂක භටයෙකු අම්බලන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරු කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
මියගිය පොලිස් කොස්තාපල්වරයා 43 හැවිරිදි වියේ පසු වූ සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
අනතුර සිදුකළ මෝටර් රථ රියදුරා අම්බලන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු බීමත්ව සිට ඇති බව අනාවරණ වී ඇතැයි පොලීසිය පැවසුවා.




