අගරු චෙක්පත් ලබාදී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය ලබාගෙන මුදල් නොගෙවා සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකාර සුමන හිමියන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා හමුවට පමුණුවනු ලැබුවා.

සැකකාර හිමියන් පිටකොටුව හතරවන හරස් වීදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් එක්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය ලබාගෙන අගරු චෙක්පත් ලබාදී මුදල් නොගෙවා සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමියන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.