හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ආයතනය මඟින් අලෙවි කරනු ලබන භාණ්ඩ 18ක මිල පහත දමන බව ලංකා සතොස ආයතනය පවසනවා.

ඒ අනුව ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරන බවයි එම ආයතනය පැවසුවේ.

ඒ අනුව පිටකොටුවේ තොග මිලටත් වඩා අඩු මිල ගණන්‍ යටතේ හෙට සිට එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි බවයි ලංකා සතොස ආයතනය වැඩ්දුරටත් පැවසුවේ.