Published
තැපැල් සේවකයන් ආරම්භ කළ අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් මළු 10,000කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී තිබෙනවා.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරී සිදු නොවන බවයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී ජී සී නිරෝෂන මහතා පැවසුවේ.
අතිකාල ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් දිවයිනේ සියලු තැපැල් පාලන කාර්යාලවල සේවකයින් අතිකාල සේවාවලින් පළවුම ඉවත් වුණා.
ඊට සහය දක්වමිනුයි මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින්ද එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වුණේ.
සිය ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී ජී සී නිරෝෂන මහතා පැවසුවේ.