අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉකුත්දා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව එම විෂය පථයන් සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.
එම ගැසට් නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්තාපන කාර්යංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වෙත පවරා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය නයටතේ පැවති ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව පවරා ඇත්තේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සහ සමූපකාර අමාත්‍යංශය යටතටයි.
මෙතෙක් පරිසර අමාත්‍යංශය යටතේ පැවති භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය නව ගැසට් නිවේදනය මගින් කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.




