ඉදිරි දින කිහිපය තුළද උණුසුම් කාලගුණය හේතුවෙන් දරුවන්ට සහ වැඩිහිටියන්ට වන බලපෑම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය රුවන් ජයසූරිය මහතා පැවසුවේ පවතින කාලගුණ තත්ත්වය සමග මතුවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් සූදානමකින් තොරව මෙම දිනවල පාසල් ක්‍රීඩා උත්සව සංවිධාන කිරීම නුසුදුසු බවයි.

ක්‍රීඩා තරගවලට සහභාගි වන තැනැත්තන් කල්වේලා ඇතිව හොදින් ජලය පාලනය කරන ඒ සදහා සහභාගිවීම වැදගත් වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය රුවන් ජයසූරිය මහතා වැඩිදුරටත් සදහන් කළා.