අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද116 කින් පරාජයට පත්වුණා.

ඒ අද (24) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 152 ක්. පක්ෂව ලැබුණේ ඡන්ද 36 ක් පමණයි. .

ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116 කින් පරාජයට පත්වුණා.

විපක්ෂයේ මන්ත්‍රීවරු 66 දෙනාගෙන් 32දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ දී සභා ගර්භයේ රැඳී සිට නැහැ.