අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව මෙම සතියේදි කතානායකවරයා වෙත භාරදෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම් හේතුවෙන් ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කළා.