නත්තල් නිවාඩු සමයත් සමග ඉකුත් දිනවල අධිවේගී මාර්ගවල පැවතුනේ දැඩි රථ වාහන තදබදයක්.
මේ හේතුවෙන් බොහෝ රියදුරන්ට බොහෝ වේලාවක් අධිවේගී මාර්ග පිවිසුම්වල රැඳී සිටීමට සිදු වුණා.
මෙම දිනවලද බොහෝ පිරිසක් සිය ගමනාගමන අවශ්‍යතා වෙනුවෙන් අධිවේගී මාර්ගය භාවිත කිරීමට නියමිතයි.
කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණෙන් අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන් එම වාසිය අත්කර ගැනීමට කළ යුත්තේ කුමක්ද? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා සමග සාකච්ඡා කළා.
අධිවේගී මාර්ගයේ වේග සීමා පිලිපැදීම කෙතරම් වැදගත් ද?
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී රියදුරන් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.
මේ අතර උත්සව සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.
ඒ, අනුව කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා අමතර ගමන් වාර සැලසුම් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.
ලංකා ගමනාගමන මණ්ඩලය ද සඳහන් කළේ පළාත් කිහිපයක සිට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් බස් රථ යොදවා ඇති බවයි.
මේ අතර හෙට අලුයම 05.00ට මාතර සිට කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.




