මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු කොටස වන කඩවත මීරිගම දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ වර්තමාන සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා අද දින ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා එක්වි තිබෙනවා.
2015 වර්ෂයේ ගිවිසුම් අත්සන් කලත් එම සංවර්ධන කටයුත්තෙහි වැඩ ආරම්භ වූයේ 2020 වර්ෂයේදියි.
නමුත් ඉතා කෙටි කලෙකින් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ඇන හිටියේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිවූ බරපතල ආර්ථික අර්බුදය හේතුවෙනි.
නව රජය පත්වීමත් සමග නැවත චීන රජයත් ප්‍රවාහන අමාත්‍යාංශයත් සාකච්ඡා කොට ඉදිරි සංවර්ධන කටයුතු අවසන් කිරීම වෙනුවෙන් ණය අනුමත කොට ගෙන 2025 සැප් 17 වන දින නැවත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුනා.
මේ වන විට සම්පූර්ණ ව්‍යාපෘතියෙන් 40 % ක් අවසන්ව ඇති බව නිළධාරීන් අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර සිටි අතර මෙම ඉදිකිරීම් අවසානයේ අධිවේගී මාර්ගයට වාහන ප්‍රවේශයේ දී හෝ පිටවීම් වලදී කොළඹ නුවර මාර්ගයේ සහ මෙම ක්‍රියාවලිය තුල අධිවේගී මාර්ගය තුල ඇතිවන තදබදය පිළිබදව මීට පෙර සිදුකර ඇති නිරීක්ෂණයන් පිළිබදව නැවත අවධානය යොමුකොට සැලකිලිමත් වන ලෙස ද උපදෙස් දුන්නේය



