Published
අධික ශබ්දයක් පිටකරන අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි පරික්ෂා කිරීම ඉදිරියේදී දැඩි කරන බව පොලීසිය පවසනවා.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එවැනි නීති විරෝධී යතුරු පැදි පරික්ෂා කිරීමේ කටයුතු ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කරන බවයි.




