අනවසරයෙන් දුරකථන රැහැන් කැපීමට යාමේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රාජගිරිය, 04 වන පටුමග පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.
ඉහළ වැලිකඩ මාර්ගයේ, මාදින්නාගොඩ පාරට හැරෙන හන්දිය අසල ඇද තිබූ දුරකථන රැහැන් අනවසරයෙන් කැපීමට යාමේදී, ආසන්නයේ තිබූ විදුලි රැහැනක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
විදුලි සැර වැදුණු එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබෙනවා
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අමල් ලක්ෂාන් මහතා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, විදුලි සැර වැදී විසිවී වැටීම නිසා අක්මාව පුපුරා යාමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට සහ සොරකම්වලට සම්බන්ධ අයෙකු බවට ඔහුගේ මව ලබාදුන් ප්‍රකාශයකින් අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිකඩ පොලිසිය මගින් ක්‍රියාත්මකයි




