Published
අනුරාධපුර රැළිය පැවැත්වීම සදහා මේ වනවිටත් සියළු සංවිධාන කටයුතු සිදුකර අවසන් බව ශ්රි ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් එම රැළිය හෙට පස්වරුවේ ආරම්භ වන බවයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන එම රැළිය අනුරාධපුර නගර සභා නිවාස ක්රීඩාංගණයේදී පස්වරු දෙකට ආරම්භවීමට නියමිතයි.




