Published
අභාවප්‍රාප්ත අගමැතිනිය අමාත්‍ය විජිත හේරත් මහතා උපහාර පුද කිරීමෙන් අනතුරුව ඩකා හි පිහිටි BNP සභාපතිනියගේ කාර්යාලයේ තබා ඇති ශෝක පොතෙහි ද අත්සන් තබා තිබෙනවා.
එමෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා අභාවප්‍රාප්ත අගමැතිනි බේගම් ඛලීඩා සියාගේ පුත් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) වැඩබලන සභාපති තාරික් රහ්මාන් මහතා ද හමු වුණේ ය.
මෙම හමුව අතරතුර, හිටපු අගමැතිනියගේ අභාවය පිළිබඳව පවුලේ සාමාජිකයන්ට සහ බංග්ලාදේශ ජනතාවට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කළේ ය.
බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.
මීට අමතරව අමාත්‍ය විජිත හේරත් මහතා අද (01) දිනයේ දී බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා වන මොහමඩ් යූනුස් මහතා හමු වීම ඇතුළු ඉහළ පෙළේ නායකයන් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිත ය.


