Published
රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනා මත කොටිකාවත්ත - මුල්ලේරියාව ප්රාදේශිය සභාවේ උප කාර්යාලයේ සේවයේ නියුතු ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැමිණිලිකරු 2018 වර්ෂයේදී මිලදී ගෙන මේ දක්වා පදිංචිව සිටින නිවසක සැලසුමේ සහ තක්සේරුවේ ගැළුවක් ඇති බව පවසා එය ප්රශ්නයක් නොවන ආකාරයට සහ පැමිණිලිකරුගේ නමින් වරිපනම් ගෙවීම සදහා සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ.
පරණ හිඹුටාන පාරේ බේකරිය හන්දිය අභිනවාරාම විහාරස්ථානය ඉදිරිපිටදි සැකකරු අත්අඩංගුවට ගත් බවද අල්ලස් කොමිසම පැවසුවා.
සැකකරු අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




