රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් ලෙස ලබාගත් වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේදීයි.

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම තාක්‍ෂණික නිලධාරියා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

අනුමත කර ගැනීම සදහා ඉදිරිපත් කරන ලද ගොඩනැගිලි සැලැස්මේ අඩුපාඩු පෙන්වා එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කරදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට අදාළ නිලධාරියා විසින් පැමිණිලිකරුගෙන් එම මුදල ලබාගෙන තිබෙනවා.